brand logo

TNA-ජවිපෙ-මු.කො.එක්ව නව සන්ධානයක්

24 February 2020

දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව පුළුල් ජන බලවේගයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 29 වැනි ජාතික මහ සමුළුව ඊයේ (23 වැනිදා) මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේ හකීම් මහතා මේ බව පැවැසුවේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම ඇතුළු ප්‍රධාන අරමුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම පුළුල් ජනබලවේගය කඩිනමින් ගොඩනගන බවද හෙතෙම ප්‍රකාශ කළේය. ජනපතිවරණයක් පවත්වා වැඩි කාලයක් නොගොස් මහ මැතිවරණයක් පවත්වන අවස්ථාවක ජනපතිවරණය ජයගත් පුද්ගලයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවට මතයක් පවතිනවා. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ජනපතිවරණ ප්‍රතිඵලය ගළපා මන්ත්‍රී ආසන ගණන් බැලීම නිවැරදි වන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඇතිව තිබෙන කැලඹීම මගින් විශාල ජයග්‍රහණයක් පහසුවෙන් ලබාගත හැකිවනු ඇතැයි ආණ්ඩුව සිතා සිටින බවද ඔහු අවධාරණය කළේය. කමල් සුරවීර - මහනුවර
 

More News..