brand logo

The Flemington සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය 5 වැනි සංවත්සරය සමරයි

29 September 2020

මෙරට දේපළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එක්වූ නවතම ව්‍යාපෘති අතරින් එකක් වන The Flemington පසුගියදා සිය 5 වන සංවත්සරය සැමරී ය. පසුගිය වසර 5 ක කාලය තුළ The Flemington ව්‍යාපෘතිය මෙරට දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ඉදිරි ගමනක නිරත විය. 2015 වසරේදී ආරම්භ වීමෙන් අනතුරුව, සිය සේවාදායකයන් වෙනුවෙන් කැපවෙමින් හා ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින්, අඛණ්ඩව සිය දේපළ එකතුව, සේවාදායකයන් සංඛ්‍යාව මෙන්ම සිය කීර්තිනාමයද වැඩිදියුණු කරගනිමින් ඉදිරියට යාමට එම ව්‍යාපෘතිය සමත් විය. The Flemington ගැනුම්කරුවන්ට සම්මාන දිනූ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන ලද අලංකාර මහල් නිවාස අතරින් තම රුචිකත්වය අනුව නිවාස සැලසුම් තෝරාගත හැකි වේ. මෙම සෑම ව්‍යාපෘතියක්ම ඉදිකරනු ලබන්නේ කොළඹ හා රාජගිරිය යන ප්‍රදේශවල, සුපිරි වෙ​ෙළඳසැල්, රෝහල්, පාසල් සහ ආපනශාලා ආදියට නුදුරින් සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානවල ය.
 

More News..