brand logo

T20 ලෝක කුසලානයේ පළමු තරඟයේදීම ශ්‍රී ලංකා කාන්තාවන්ට පරාජය

13 November 2018

පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරඟය පරාජයට පත්වීමට සිදුවුණා. ඒ් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේදීයි. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 99ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සශිකලා සිරිවර්ධන ලකුණු 21ක් සහ දිලිනි මන්දෝරා නොදැවී ලකුණු 20ක් ලබාගත්තා. පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයිල් කඩුළු 3ක් දවාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි දකුණු අපි්‍රකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු තුනක් දැවී ලකුණු 102ක් ලබාගෙන තරඟයේ ජය වාර්තා කළා. ඒ් අනුව දකුණු අප්‍රිකාවට කඩුළු 7ක ජයක් වුණා.
 

More News..