brand logo

STF වැටලීම් දෙකකින් නීති විරෝධී මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

19 July 2019

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ද ලද තොරතුරකට අනුව පානදුර දකුණ ප්‍රදේශයේ වැටලීම් දෙකක් සිදුකර තිබේ. පළමු වැටලීම ඊයේ උදෑසන 9.55ට සිදුකළ අතර, ඒ පානදුර නිව්ඩාන, ඉදිපිල්ලෑව, බොල්ගොඩ ගග අසල ප්‍රදේශයේදීය. එහිදී නීති විරෝධී මත්පැන් හා ගෝඩා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් භාණ්ඩ, නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 225,000යි ගෝඩා මිලි ලීටර් 1,233,000යි ගෑස් සිලින්ඩර් 02යි ගෑස් ලිපි 04යි තඹ දගර 04යි රෙගුයුලේටර් 02යි බැරල් 11යි මේ අතර උදෑසන 10.10ට සිදුකළ වැටලීමේදී ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ, නීති වි‌රෝධී මත්පැන් මිලි ලීටර් 210,000යි ගෝඩා ලීටර් 1,400යි ගෑස් සිලින්ඩර් 02යි ගෑස් ලිප් 04යි තඹ දගර 04යි රෙගුයුලේටර් 02යි බැරල් 11යි
 

More News..