brand logo

STF ලොක්කා ගියොත් වැඩ කොට උඩ - නිලධාරීහු කියති

04 February 2019

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සේවා දිගුවක් නොදී විශ්‍රාම යැවීමට කටයුතු කළහොත් දැනට ඔහුගේ නායකත්වයෙන් සිදුවන පාතාල මර්දන කටයුතු හා මත්ද්‍රව්‍ය වැටලීම් සියල්ල කඩාකප්පල් වනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු අනතුරු හඟවති. එම්.අාර්. ලතිෆ් මහතා යටතේ පාතාල මර්දන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව කැබිනට් අමාත්‍යවරුන්ගේ රැකවල් මධ්‍යයේ සිටි පාතාල නායකයන් ඇතුළු රටට පිළිලයක් වූ පාතාල කණ්ඩායම් රැසක් මර්දනයට නොබියව නායකත්වය දුන් අයකු ලෙස ප්‍රසිද්ධය. මෙම පාතාල මර්දනය හේතුවෙන් ඔහුව පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ඉවත් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ ගත්තද ඔහුගේ ඍජු නායකත්වය නිසා බන්ධනාගාර කේන්ද්‍ර කරගත් අපරාධ මැඬලීමට බන්ධනාගාර පාලනයද ඔහුට භාරදීමට රජයෙන් පසුගිය වසරේ යෝජනා කර තිබිණි. එම්. ආර්. ලතිෆ් මහතා ලබන පෙබරවාරි 05 දාට වයස අවුරුදු හැට සපුරන බැවින් විශ්‍රාම ගැනීමට නියමිත අතර මීට පෙර පොලිස් නිලධාරින්ට සේවා දිගු ලබා දී සේවය ලබාගත් අයුරින් සේනාවිධායක ලෙස ජනාධිපතිවරයාට ඔහුට සේවා දිගුවක් ලබා දිය හැකිය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..