brand logo

STF අණදෙන නිලධාරී ජෙ.නි.පො. එම්.ආර්.ලතීෆ්ගේ සේවා දිගුව අදින් අවසන්

04 February 2020

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට ලබාදුන් සේවා දිගුව අද (04) දිනයෙන් අවසන්වීමට නියමිතයි. ඒ අනුව ඔහු අද පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. 2019 වසරේ පෙබරවාරි මස 05 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද, එවක ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කළේය. 40 වසරක සිය සේවා කාලයේ විවිධ තනතුරු රැසක් හෙබවු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා 2016 වසරේ අගෝස්තු මස 19 වන දින මෙරට 11 වන පොලිස් විශේෂ කාර්යය බලකාය බාර සේනා විධායක ලෙස වැඩ භාරගනු ලැබිණි. පසුගිය වසර කිහිපය තුළ පාතාල මර්දන කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
 

More News..