brand logo

SLT-MOBITEL, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පොල්ලෙබැද්ද ආදිවාසී ග්‍රාමයේ COVID-19 නිසා පීඩාවටපත් ජනතාවට සහන සලසයි

19 July 2021

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජීවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී සිටි පවුල් 285 කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලු බෙදාදීම සිදුකරන ලදී. මේ සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල සහයෝගය හිමි වූ අතර අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා සහ මහඔය අතිරේක ප්‍රාදේශීය ලේකම්වරයා මෙම අවස්ථාවට සහභාගී වුහ.
 

More News..