Uncategorized

SLT-MOBITEL විශේෂ සන්නිවේදන විසඳුම් හරහා ‘සිහිනයට සවියක්‘

කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ

SLT-MOBITEL සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25 දින එළිදැක්වීමට නියමිත බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ය.

කුඩා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඇති සන්නිවේදන අවශ්‍යතා නිවැරදිව වටහා ගනිමින් එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වාදෙනු ලබයි.ඒ අනුව, සන්නිවේදනය, ව්‍යාපාර ජාලකරණය, ක්ලවුඩ් (cloud) තාක්ෂණය, විනෝදාස්වාද හා අන්තර්ජාලය හා බැඳුණු මෙවලම්, සන්නිවේදන උපාංග හා ව්‍යාපාර සන්නිවේදන යටිතල පහසුකම් ආදිය SLT-MOBITEL පිරිනමන ස්ථාවර / ජංගම දුරකථන, 4G LTE, SLT බ්‍රෝඩ්බෑන්ඩ්ල SLT Fibre හා Peo TV වැනි සේවා හරහා ප්‍රවර්ධනය කෙ​ෙර්.