brand logo

SLT හා මොරටුව විශ්වවිද්‍යාලය එක්ව නව IoT පර්යේෂණාගාරයක් විවෘත කරයි

24 November 2019

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඩිජිටල් විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් , මොරටුව විශ්වවිද්‍යාලය හා එක්ව නව තාක්ෂණික ක්‍රමෝපායික අත්දැකීම් හඳුන්වාදීමට හා අන්තර්ජාලය හා සමගාමී නව පර් යේෂණ සිදු කිරීමට ඉඩකඩ සලසමින් නව පර් යේෂණගාරයක් එම විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේ පසුගිය දින විවෘත කෙරිණි . මේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා , මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. නව තාක්ෂණික සොයා ගැනීම් හා අත්හදා බැලීම් මෙන් ම භාවිතාවන් ඔස්සේ අද වන විට ජීවන රටාව තාක්ෂණයානුකූලව වෙනස් වෙමින් පවතී. මේ සඳහා අවශ්‍ය නව මාවත් විවර කරමින් අන්තර්ජාලය හා සමගාමී අංගයන් (IOT) විසින් පාරිසරික සංරක්ෂණය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව සුහුරු නිවාස , සුහුරු නගර සංකල්ප මෙන් ම සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දෙමින් ප්‍රතිලාබ රැසක් එක් කරයි. අද වන විට ලෝකයේ ඕනෑම දෙයක් එක ම තැනකට ගෙන ඒමට අන්තර්ජාල තාක්ෂණය නිසා හැකි වී තිබේ. ඒ අනුව තනි පුද්ගල නිර්මාණකරණය ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදනයන් ඔස්සේ පුද්ගල ජීවිතවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට 2017 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී ලාංකික අන්තර්ජාලකරණයට නව අභියෝගාත්මක අත්දැකීමක් ලෙස (SLIoT) හඳුන්වා දුනි. එතැන් පටන් ආරම්භ වූ SLIoT අභියෝගය තරගකාරීත්වයට පත් වෙමින් අද වන විට නව අඩිතාලමක් ඉදිරියට තබා IoT නිර්මාණකරණයේ නවෝත්පාදන පර් යේෂණාගාරයේ ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ දී එය යථාර්ථයක් බවට පත් කෙරිණි.
 

More News..