Uncategorized

SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව “රට පුරාම” LANKAQR ඩිජිටල් ගෙවීම් කරන ජාතික වැඩපිළිවෙළට මූලිකත්වය ගනියි

රට පුරා ජංගම දුරකථන සහ ඩිජිටල් ගෙවීම් සඳහා LANKAQR හඳුන්වා දීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව අනෙකුත් මූල්‍ය ආයතන සහ සන්නිවේදන ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ “රට පුරාම QR Code” ජාතික මෙහෙයුමේ පළමු අදියර පසුගිය දිනක මාතලේ ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරිණි.

“මාතලේට LANKAQR” යන තේමාව යටතේ ක්‍රියාත්මක වුණු මෙම වැඩසටහනට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මැතිතුමා ප්‍රමුඛ අනෙකුත් නිලධාරීන්, මූල්‍ය ආයතන හා සන්නිවේදන ආයතන කිහිපයක් ඇතුළුව මෙම ජාතික ව්‍යාපෘතියට අනුබද්ධ ආයතනික නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී විය.

මාතලේ පැවැති මෙම සමාරම්භක වැඩසටහන, පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් අතර LANKAQR මඟින් ගනුදෙනු කිරීමේ දී ගෙවීම්වල පහසුව, පිරිවැය අඩු වීම සහ ගනුදෙනුවල සුරක්ෂිතභාවය වැනි ගුණාංග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම අභිප්‍රාය කොට ගෙන සිදු කළ අතර එය සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ඩිජිටල් ගෙවීම් පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා SDB බැංකුව හඳුන්වාදුන් UPay App හරහා ගෙවීම් l%ufha සංවර්ධන පියවරක් ලෙස දැකිය හැකිය.

LANKAQR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නායකත්වය දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නම්කළ ‘මූල්‍ය ආයතනවල ක්‍රියාකාරී කණ්ඩායමේ’ සභාපතිවරයා ලෙස SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා පත් කරන ලදී. ඔහු කියා සිටියේ, “ මූල්‍ය තාක්ෂණයේ (Fintech) නව සම්මතයක් ලෙස LANKAQR මගින් ඩිජිටල් ගනුදෙනු සිදු කිරීම, දුෂ්කර ගම්මාන ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගෙනයාමේ ප්‍රයත්නයේ ප්‍රමුඛයා වීම අපට ගෞරවයක්” ලෙසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති මෙම උත්සවයෙන් අනතුරුව මාතලේ නගරය පුරා LANKAQR ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදුකෙරුනු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් SDB බැංකුවේ මාතලේ ශාඛාවේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී විය.

ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඩිජිටල් මාධ්‍යයෙන් ගෙවීම් සිදුකර භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවස්ථාව සැලසීම තුළින් ගනුදෙනුකරුවන්ට පහසු ජීවන රටාවක් ලබාදීම යන මුඛ්‍ය අරමුණට අමතරව LANKAQR ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙහි කැපී පෙනෙන ලක්ෂණයන් ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ (Fintech) lafIa;%hg UPay විසින් ප්‍රථම වරට හඳුන්වාදුන් නව්‍යකරණයන් සමීපව පිළිබිඹු කරයි.
LANKAQR ලාංඡනය සහිත ඕනෑම වෙළෙඳ ස්ථානයක ගනුදෙනු කිරීමේ පහසුව පාරිභෝගිකයින්ට සහ වෙළෙඳුන්ට ලබා දීමට අමතරව, මෙමඟින් ණය සහ වෙනත් මූල්‍ය අවශ්‍යතා අනුමත කිරීමේ දී ගනුදෙනුකරුවන්ගේ ණය ශ්‍රේණිගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් සපයයි.

2020 සැප්තැම්බර් 30 වන විට LANKAQR ක්‍රමය අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකුවලට උපදෙස් දී තිබේ.