brand logo

S-lon රූෆින් අපනයනය ආරම්භ කරයි

29 June 2021

කැපිටල් මහාරාජා සමූහයට අයත් එස්-ලෝන් ලංකා (පුද්.) සමාගම විසින් නිෂ්පාදිත S-lon Roofing Sheets පළමු අපනයන තොගය පසුගියදා ඉන්දියාව වෙත සාර්ථක ලෙස අපනයනය කිරීමට කටයුතු කෙරිණ. S-lon roofing දැනට වෙළඳපොළේ ඇති ගුණාත්මක බවින් ඉහළම roofing sheets බවට පත්වීම සඳහා හේතු කිහිපයක් බලපා ඇත. S-lon roofing අවපැහැ නොවන අතර, දිලීර බැඳීමද සිදු නොවේ. පිරිසිදු කිරීම අවම වන S-lonroofing, අලංකාරය අතින් මෙන්ම කල් පැවැත්ම අතින්ද ඉහළය. එමෙන්ම තාප සන්නයනය අවම බැවින් පරිසරයේ ඇති අධික උෂ්ණත්වය නිවස තුළට පැමිණීම අවම කරමින් නිවැසියන්ට වඩා සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව S-lon roofing sheets වලට ඇත. එමෙන්ම අනෙකුත් roofing sheets වලට සාපේක්ෂව බරින්ද අඩු නිසා, S-lon roofing වඩාත් පහසුවෙන් සවිකළ හැක. S-lon roofing බාහිර ශබ්ද වලින් ආරක්ෂා වන උසස් ශබ්ද පරිවාරක ගුණයෙන් යුක්තය. මෙමඟින් තද වැසි හා අධික සුළං ශබ්දයන් නිවස තුළට ගමන් කිරීම අවම කරයි. එමෙන්ම එහි පවතින ඉහළ නම්‍යශීලීභාවය සහ ශක්තිමත් බව හේතුවෙන් බාහිර පරිසරයෙන් ඇතිවන ගැටීම් වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අතර, සතුන්ගේ ක්‍රියාකාරකම් වලින් හානි වීමේ ඉඩකඩ ද අවම මට්ටමක පවතී.
 

More News..