brand logo

RMV සඳුදා සිට වැඩ

16 October 2020

ලබන සඳුදා සිට නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත. නමුත් එම සේවාවන් ලබාගැනීම සඳහා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර සේවාලාභීන් එම දෙපාර්තමේන්තුව අමතා වේලාවක් වෙන්කර ගැනීම සිදුකළ යුතු වනවා. මේ සම්බන්ධයෙන් අද (16) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියා. කොවිඩ් වසංගතය පාලනය වන තුරු නව ක්‍රමවේදයක් යටතේ සේවාවන් ලබාදීම සිදුවීමට නියමිතයි. මේ අනුව නාරාහේන්පිට කාර්යාලයේ වැඩකටයුතු සිදු කෙරෙන බව ද ඒ මහතා කියා සිටිනවා. එමෙන්ම මෙහිදී බැංකු හා ලීසිං සමාගම්වලට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව ද අමුණුගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එක් දින සේවයේ වැඩකටයුතු දින දෙකක් ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සීඝ්‍රගාමී තැපෑලෙන් එම ලියකියවිලි පාරිභෝගියාට ලැබීමට සලස්වන බව ද සඳහන් කරනු ලැබුවා. නමුත් වේරහැර කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය සපයන කාර්යාලයක් පමණක් ලෙස විවෘත කරනු ලැබේ. මෙහිදී පදිංචි හෝ සේවය කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ යන වග සනාථ කළ යුතුව ඇති අතර, අලුතින්ම රියදුරු බලපත්‍ර ලබා ගන්නා අයට එම ස්ථානයට පැමිණිය හැකියි. 01. වාහන ලියාපදිංචි කිරීම සඳහා :- 0706354116, 0706354117, 0706354118 02. වාහන පැවරුම් සඳහා :- 0706354115, 0706354137, 0706354138, 0706354139, 0706354140, 0706354141 03. වාහන අංක තහඩු පිළිබද විමසීම් සඳහා :- 0706354119, 0706354120 04. අනෙකුත් විමසීම් :- 0706354145, 0706354146, 0706354147,0706354148, 0706354149
 

More News..