brand logo

QR ක්‍රමයෙන් බැහැරව තෙල් ගැව්වොත් වෙන දේ මෙන්න

15 August 2022

ඉන්ධන නිකුත් කිරීමේ දත්ත පරීක්ෂා කරයි

  QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය කටයුතු ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ යම් ඉන්ධන පිරවුම්හලක් කඩ කරන්නේ නම් එම පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීමද නොකරන බව ඇමතිවරයා කියා සිටි. ඒ පෙරේද [ 13 වැනිදා ] කොළොන්නාව ඛනිජ තෙල් බෙදාහැරීමේ පර්යන්තයේදී ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ය. සියලූම පිරවුම්හල් වෙත බෙදාහරින ලද ඉන්ධන ප්‍රමාණය සහ කිව් ආර් ක්‍රමවේදය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරීක්ෂා කිරීම මෙහිදී සිදුකර ඇත.. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත, සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. අශිකා ජයවීර
 

More News..