brand logo

PickMe සහ සතොස එක්ව භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

25 March 2020

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ. මෙම වැඩපිළිවෙල Pick me ආයතනය සමඟ එක්ව ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය. රුපියල් 500 , රුපියල් 1000 සහ රුපියල් 2000 වටිනා භාණ්ඩ මෙම ක්‍රමය යටතේ ඇනවුම් කළ හැක. ප්‍රථම අදියර කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6 ක දුරක සිටින පාරිභෝගිකයන්ට අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි බවද ඉදිරියේදි එම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකරන බවද පැවසීය.
 

More News..