brand logo

PCR වාර්තා එන්න කලින් සිසුවෙන් පාසලට ඇවිත්

27 November 2020

තම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (26) දින පාසලට පැමිණීම හේතුවෙන් හැටන්, කුයිල්වත්ත දමිළ මහා විද්‍යාලයට අද (27) දින සිසුන් එවීමෙන් වැළකී සිටීමට දෙමාපියන් පියවර ගෙන තිබේ. අදාළ සිසුවා ඊයේ(26) පාසලට පැමිණ පන්ති කාමරයේ රැඳී සිට ඇති අතර, ඔහු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වූ නිසා නැවතත් එම සිසුවා නිවස කරා යොමු කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇත. එම සිසුවා පසුගිය දිනක ඔරුගොඩවත්තේ සිට වටවල ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ ඇති අතර, එන අතරමග ගිනිගත්හේන මාර්ග බාධකයේදී ඔහු පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය. ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව ඊයේ පෙ.ව. 10.00 ට පමණ ලැබී ඇති අතර ඒ වන විටත් සිසුවා නිවසට යැවීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇත. ආසාදිත සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තා වේ. ඊයේ පස්වරුවේ කුයිල්වත්ත දමිළ මහා විද්‍යාලය විෂබිජහරණයට ලක් කර තිබෙන අතර ආසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් වන සිසු සිසුවියන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කරයි. ස්වයං නිරෝධායනයට යොමු කළ සිසු සිසුවියන් 19 දෙනා, විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර ඇත.
 

More News..