brand logo

PCR වාර්තා එනකන් සිටි අයෙක් රෝහලෙන් පැන ගිහින්

16 November 2020

පී.සී.ආර්. පරීක්ෂණය සඳහා භාජනය කිරීමට වලස්මුල්ල මූලික රෝහලට යොමු කර සිටි පුද්ගලයෙකු එම පරීක්ෂණයේ වාර්තා නිකුත්වීමටත් පෙර රෝහලෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ. බස්නාහිර පළාතට සංචරණ සීමා පනවා තිබියදී කොළඹ සිට වලස්මුල්ල, පහළඕබඩ ප්‍රදේශයට පැමිණ සැරිසරමින් සිටියදී අදාළ පුද්ගලයා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා ඊයේ (15) වලස්මුල්ල පොලිසියට භාර දී තිබිණි. එම පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා භාජනය කිරීමට වලස්මුල්ල මූලික රෝහලට යොමු කර ඇත. ඒ අනුව, එම පුද්ගලයා කොවිඩ්-19 රෝගීන් බවට සැක කරන රෝගීන් සිටින වාට්ටුවට ඇතුළත් කර පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහි වාර්තාව පැමිණීමට පෙර අදාළ පුද්ගලයා රෝහලෙන් පැන ගොස් ඇත. පසුව වලස්මුල්ල පොලිසිය ක්‍රියාත්මකවී එම පුද්ගලයා වලස්මුල්ල ප්‍රදේශයේදී ම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 

More News..