brand logo

PCR පරීක්ෂණ අද සිට වැඩි කෙරේ

01 August 2020

දෛනිකව සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ මහතා සදහන් කළේ මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ එක්ලක්ෂ හැට දෙදහසක් පමණ සිදුකර ඇති බවයි. සමාජයෙන් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 40,000 ක් ද පී.සී.ආර් පරීක්ෂාව සඳහා යොමු කළ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය. මේ අතර පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු පමණ ඊයේ (31) රාත්‍රියේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2815 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉන් පුද්ගලයින් 2391දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 413දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනු ඇති.
 

More News..