brand logo

PCR කරන්න ගොස් සිටි රියදුරෙක් මිය යයි

24 October 2020

කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටි පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 32 හැවිරිදි විවාහකයකු වන ඔහු පසුගිය 21 වැනිදා කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය කන්දකුලිය පදිංචි රියදුරෙකි. කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු අද (24 ) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටියදී මෙම පුද්ගලයා මියගොස් ඇත. මිය ගිය පුද්ගලයාගේ දේහය ද පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කර සුරක්ෂිතව පුත්තලම රෝහළේ මෘත ශරීරාගාරය්ට යොමු කරන අතර පී.සී.ආර්.වාර්තාව අනුව මරණ පිළිබදව ඉදිරි කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.
 

More News..