brand logo

Online අයදුම් කිරීමේදී ඇතිවන ගැටලු 1911ට කියන්න

23 February 2020

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා online ඔස්සේ අයැදුම් කිරීමට හැකි මෘදුකාංගයක් මෙවර විභාග දෙපාර්තමේන්තුව හඳුන්වා දුන්නේ ය. ඒ ඔස්සේ අයැදුම් කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම මෘදුකාංගය භාවිතා කරමින් අයඳුම් කිරීමේ දී සිදුවන ගැටලු 1911 දුරකථන අංකයට හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී.පූජිත මහතා සඳහන් කරයි. උසස් පෙළ විභාගය සඳහා online ක්‍රමයට අයැදුම් කිරීමේ අවස්ථාව මේ වනවිට පවතින බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
 

More News..