brand logo

NSBM හරිත සරසවියේ Eminds ප්‍රදර්ශනය 2020

16 February 2020

දිනෙන් දින දියුණුවන තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යාවේ ගෝලීය ප්‍රවණතා හා නව මානයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම හා තාක්ෂණික දැනුම හා කුසලතා ප්‍රදර්ශනය කිරීම මූලික අරමුණ කර ගනිමින් පිටිපන NSBM හරිත සරසවියේ පරිගණක විද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන 2020 තාක්ෂණික ප්‍රදර්ශනය’’ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පිටිපන ‘‘NSBM හරිත සරසවියේදී ඉකුත් 13 දින පැවැත්විණ. මෙම වැඩසටහන පිළිබඳව අධ්‍යාපන අංශ කටයුතු ප්‍රධානී මනෝජා වීරසේකර මහත්මිය විසින් වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කරමින් පැවසුයේ, ‘‘මෙතැනදී ළමයා තමයි අයිඩියා එක ඉඳලම, ප්ලෑන් කරලා, ඕගනයිස් කරලා සම්පූර්ණයෙන්ම එයාගේ ස්ටෝල් එක හදාගෙන එයාගේ ඉදිරිපත්කිරීම දක්වාම කරන්නේ ළමයා විසින්. ඒ කියන්නේ ළමයා තමයි අපි පුරුදු කරන්නේ ඒ හැමදෙයක්ම හදාගන්නේ කොහොමද කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය කර ගැනීමක් තමයි අපි මේ මගින් බලාපොරොත්තු වෙන්නේ. පන්තිවල කරන සාමාන්‍ය ලෙක්චර් එකකින් පරිභාහිරව මෙතැනින් එළියට ගිහිල්ලා ළමයව ප්‍රැක්ටිකලි දෙයක් කරන්නේ කොහොමද? ඒ ගැන දැනුම ගන්නේ කොහොමද? තමන්ගේ ජීවිතයේදී ඒවා පාවිච්චිවෙන්නේ කොහොමද කියන එක තමයි ළමයා මෙතැනදි කරලා පෙන්නන්නේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන මෙම පරිගණක අධ්‍යාපන ප්‍රදර්ශනය වසර තුනක් පුරා නොකඩවා සෑම වසරකම පෙබරවාරි මාර්තු මාසවල මෙම වැඩසටහන පවත්වාගෙන යන අතර මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා කොළඹ අවට පාසල් 8ක් සඳහා ආරාධනා කළ බවද අරමුණ සඳහන් කරමින් මනෝජා මහත්මිය වැඩි දුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා උප කුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ නියෝජ්‍ය උප කුලපති චමින්ද රත්නායක යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය. පතිරණගේ සාලිය - හෝමාගම
 

More News..