brand logo

NOLIMIT නවතම ශාඛාව වත්තලදී විවෘත වේ

21 December 2019

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා ජාලය වන NOLIMIT හි නවතම ශාඛාව පසුගියදා වත්තල ප‍්‍රදේශයේදී විවෘත විය. අතිනවීන පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාව අංක 33, මීගමුව පාර, වත්තල යන ස්ථානයේ පිහිටා තිබේ. මේ වනවිට රට පුරා නගර 15 ක NOLIMIT අලෙවිසැල් 23 ක් විවෘත කර ඇත. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට NOLIMIT සභාපති එන්. එල්. එම්. මුබාරක් මහතා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය මෙන්ම විශේෂ ආරාධිතයන්, කලාකරුවන්, සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. සභාපතිතුමන් විසින් උත්සවාකාරයෙන් වත්තල NOLIMIT ශාඛාව විවෘත කරන ලදි. මෙම අවස්ථාවේදී NOLIMIT හි නවතම ලාංඡනය එළිදැක්වීමද සිදුවීම විශේෂත්වයකි. NOLIMIT යනු උසස් තත්ත්වය හා විශිෂ්ට සේවාව යන ගුණාංග සම්බන්ධයෙන් විශාල ප‍්‍රසිද්ධියක් උසුලන සන්නාමයක් වන අතර මෙම ප‍්‍රසිද්ධිය එහි සියලුම ශාඛාවලට පොදු ගුණාංගයක් වේ. ‘‘අප කවදත් කාලයේ තාලයට ගැළපෙන ආකාරයට පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව වෙනස් වීමට පසුබට නොවන සමාගමක්. අපගේ සේවාව වත්තල නගරයටත් සමීප කරවීම සඳහා අප, මෙම නව ශාඛාව විවෘත කළා. මේ ඔස්සේ අපට සුපුරුදු සුහදශීලී හා විශිෂ්ට සේවාවන් අපගේ වර්තමන හා අනාගත පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීම අපගේ ඉලක්කයයි. වත්තල ජනතාවට මෙලෙස සේවය කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා. ඉදිරියෙදී ඔවුන්ගේ ඇඟලුම් හා අනෙකුත් ජීවන විලාසිතා අවශ්‍යතා සපුරාලීමට අප සූදානම්.” මේ පිළිබඳව අදහස් දක්වමින් NOLIMIT සමාගමේ අලෙවි ප‍්‍රධානී රනීස් ෂෙරීෆ් මහතා මෙසේ පැවසී ය.
 

More News..