brand logo

NDB රන් ණය සේවාව ලබාගන්නා ඔබට දැන් මාසික පොලිය 0.79% යි

20 July 2020

NDB රන් ණය සේවාව අනපේක්ෂිත අවස්ථාවන්හිදී ඇතිවන හදිසි මුදල් අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා සුවිසල් සහනයක් ලබා දෙයි. විශේෂයෙන්ම COVID වසංගත සමය වැනි කාලසීමාවකදී NDB රන් ණය සේවාව තම වටිනාකම කොතරම්දැයි මැනවින් පැහැදිලිකර සිටියේය. රන් භාණ්ඩ උකස් වෙළෙඳපොළෙහි 0.79% වැනි තරගකාරී අවම මාසික පොලී අනුපාතයක් ලබා දෙන NDB රන් ණය සේවාව වෙතින් කැරට් 24 රන් භාණ්ඩ සඳහා රුපියල් 65,000/- තෙක් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට හැකියාව තිබේ. පාරිභෝගික පිරිස වෙත වේගවත්, විශ්වාසවන්ත හා පෞද්ගලිකත්වය සුරකින සේවාවක් පිරිනමන රන් භාණ්ඩ උකස් සේවාවක් වශයෙන් NDB රන් ණය සේවාව ඉහළ කීර්තිනාමයක් හිමිකරගෙන ඇත. NDB රන් ණය සේවාව භාවිතා කරන ඔබට දිවයින පුරා පිහිටි NDB ශාඛා 85කට අධික ප්‍රමාණයකින් ඔබේ රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාවක් හා බාධා රහිත පාරිභෝගික සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව NDB විසින් හිමිකරදී තිබේ. NDB රන් ණය සේවාවට එක් කළ තවත් ප්‍රතිලාභයක් වන්නේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අතේ ඇති මුදල් ප්‍රමාණය අනුව නැවත ගෙවීමේ හැකියාව ලබාදීමයි. එමෙන්ම අනිකුත් රන් භාණ්ඩ උකස් සේවා හා සමානවම වාරික කොටස් ගෙවීම හරහා තම රන් භාණ්ඩ නැවත ලබාගැනීමේ හැකියාවද ලබාදී තිබේ. NDB රන් ණය සේවාව සතු තවත් වැදගත් පහසුකමක් වන්නේ අත්තිකාරම් මුදල, පොලී අනුපාතය පමණක් නොව නැවත ගෙවීමේ කාලසීමාවද පාරිභෝගිකයාට කැමති ලෙස තෝරාගැනීමට ඉඩ ලබාදී තිබීමයි.
 

More News..