brand logo

NDB අරලිය වෙතින්, රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර රැසක් එළිදකී

29 June 2020

පසුගිය මාස කිහිපය තුළ COVID-19 වසංගතය, ලොව පුරා දැඩි දුෂ්කර තත්ත්වයන් ඇති කිරීමට වූ අතර එය ලොව පුරා භීතියක් ඇති කර ඇතිවා පමණක් නොව, අප රට තුළ බොහෝ දෙනෙකුගේ ජීවිත අනපේක්ෂිත ලෙස නතර කර ඇත්තේ ඔවුනගේ දෛනික ක්‍රියාකාරකම් වලට බාධා පමුණුවමිනි. බොහෝ කර්මාන්ත COVID-19 වසංගතය නිසා පීඩාවට ලක්විය. සමහර කර්මාන්ත අනෙක් ඒවාට වඩා පීඩාවට පත්විය. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පසුබෑමකට ලක්වූ එවැනි එක් කර්මාන්තයක් වූයේ රූපලාවණ්‍ය කර්මාන්තයයි, එහිදී සමහර කාන්තාවන්ට ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය නවතා දැමීමට හෝ තාවකාලිකව නතර කිරීමට සිදුවිය. මෙම තත්ත්වය වටහා ගනිමින්, NDB බැංකුව විසින්, NDB අරලිය සෙවණ යටතේ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ රූපලාවණ්‍යාගාර ව්‍යාපාර නැවත ගොඩනැඟීම සඳහා ආධාර කිරීමක් වශයෙන් සුවිශේෂී ව්‍යාපාරික ණයක් සහිත වැඩසටහනකට මුලපුරා ඇත. රූපලාවණ්‍ය ශිල්පීන් මුහුණ දෙන බොහෝ ගැටලු විසඳීම සඳහා කාලෝචිත අවශ්‍යතාවයක් ලෙස කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත පදනම්ව මෙම ණය මුදල ලබා දෙනු ලැබේ. අවම වශයෙන් අවුරුදු දෙකක කාලයක් පුරා පවත්වාගෙන යනු ලබන ලියාපදිංචි ව්‍යාපාරයක් ඇති වයස අවුරුදු 18 ත් 55 ත් අතර ඕනෑම රූපලාවණ්‍ය ශිල්පියෙකු මෙම ණය මුදල සඳහා සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට, COVID-19 වසංගතයෙන් ඇති වන බලපෑම් මඟහරවා ගැනීමට සහාය වීමට බැංකුව විසින් දැඩි පියවර ගෙන තිබේ. 2020 ජුලි සිට දෙසැම්බර් දක්වා සියලුම NDB කාන්තා ව්‍යවසායකයින්ට Daraz සමග සුවිශේෂී හවුල්කාරිත්වයක් භුක්ති විඳිය හැකිය. මීට අමතරව ඔවුනට අරලිය සෙවණ යටතේ පවතින බැංකු පහසුකම් කිහිපයක්ම භුක්ති විඳිය හැකිය.
 

More News..