brand logo

NDB රන් සතිය තුළ NDB රන් ණය සේවාව වෙතින් රු. 80,000 ක් දක්වා අත්තිකාරමක්

17 January 2021

NDB රන් ණය සේවාව, NDB රන් සතිය තුළ කැරට් 24 රත්‍රං සඳහා රු. 80,000ක අසමසම අත්තිකාරමක් ලබා දෙයි. ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා මෙන්ම, ඔවුන්ගේ රන් ආයෝජන ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත සහ විශ්වාසදායක ක්‍රමවේදයක් සැපයීමේ වැදගත්කම ඉහළින් සලකන NDB බැංකුව, 2021 ජනවාරි 9 සිට 15 වන දින දක්වා මෙම දීමනාව ලබා දී තිබේ. එපමණක් ද නොව, NDB රන් ණය පාරිභෝගිකයින්ට එම සතිය තුළ 8% ක වාර්ෂික පොලී අනුපාතයක් අත්විඳීමට ද අවස්ථාව තිබේ. NDB රන් ණය සේවාව ඔබට වේගවත්, විශ්වාසදායී, සහ රහස්‍යභාවයෙන් යුත් සේවාවක් සපයන අතර, දිවයින පුරා පිහිටි NDB ශාඛා 88 කට වඩා වැඩි ගණනක දී ඔබේ රන් ආයෝජන සඳහා උපරිම ආරක්ෂාවක් පහසුවෙන්ම ලබා ගත හැකි වේ. NDB රන් ණය සේවාව හරහා ලබා දෙන ප්‍රතිලාභවලින් එකක් වන්නේ ගනුදෙනුකරුට තමා අතේ මුදල් ඇති ආකාරය අනුව ගෙවීමට ඇති හැකියාවයි. එමඟින් අර්ධ ගෙවීම් හරහා වුවද රන් ආයෝජන නිදහස් කර ගත හැකිය.
 

More News..