brand logo

MCC ගිවිසුම සම්බන්ධයෙන් මහින්දගෙන් නිවේදනයක්

31 October 2019

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ පහත කරුණු සඳහන්ව ඇත. "ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇත. මේ ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි. තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිමු. එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය. මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත. මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් අපි ප්‍රකාශ කර සිටිමු. මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම්ප්‍රතිසංස්කරණයට අදාල එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුවජනතාවට පැහැදිලි කර නැත. මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන අපට සාධාරන සැකයක් ඇත. ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන්මේ ගිවිසුම් කිසිසේත්ම අත්සන් නොකළ යුතු බව අපි ආණ්ඩුවට තරයේ ප්‍රකාශ කර සිටිමු."
 

More News..