brand logo

MCC ගිවිසුම් අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට

17 February 2020

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC)ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සභාපතිත්වය දරන සිව් පුද්ගල කමිටුවක් 2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක විය. විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කරමින් ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ලිපි ලේඛන විමර්ශණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි
 

More News..