brand logo

LPL නිල විකාශන අයිතිය අද දෙරණ 24 වෙත

20 November 2022

අද දෙරණ 24 වෙතින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විකාශනය වීමට නියමිතයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2022, දෙසැම්බර් 6 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට නියමිත අතර 2022, ශ්‍රී ලංකාවේ නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස අද දෙරණ 24 රූපවාහිනී නාලිකාව පත් කර ඇත. අද දෙරණ 24 යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැය 24 පුරා ක්‍රියාත්මක එකම ප්‍රවෘත්ති රූපවාහිනී නාලිකාවයි. මෙහිදී අද දෙරණ 24 විසින් උද්වේගකර තරග 23 ක සජීවී ආවරණය පැය විසිහතර පුරා විකාශය කිරීමට නියමිතය. විදේශීය ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් විවිධ පළාත් නියෝජනය කරමින් ලංකා ජාතික කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගි වනු ඇත. IPG Sports සහ දෙරණ මාධ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම හවුල්කාරිත්වය අත්සන් කිරීම අද කොළඹදී සිදුවිය. IPG Sports හි කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මෝහන් එහි දී ප්‍රකාශ කළේ, "ප්‍රමුඛ පුවත් සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා මෙන්ම ශ්‍රී ලාංකිකයන් ආදරය කරන නාලිකාව වන්නේද අද දෙරණ 24." බවයි එමෙන්ම දෙරණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මාධව මඩවල පැවසුවේ "ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමී මාධ්‍ය සංවිධානය ලෙස අද දෙරණ 24 අපි සැමවිටම අපගේ ප්‍රේක්ෂකයින්ගේ අවශ්‍යතා සපුරාලමින් මිනිසුන්ගේ හදවතට සමීප වන බවය. ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද දෙරණ 24 සමඟින් එක්වීම ගැන ඔවූන් අතිශයින් සතුටට පත් වන බවයි.
 

More News..