brand logo

LPL තවත් කල් යයි

30 September 2020

පන්දුවාර විස්ස ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 තෙක් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ නිරෝධායන අවශ්‍යතා සපුරාලීම සදහා අවකාශය නිර්මාණය කිරීමට මෙම තීරණය ගත් බවයි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ක්‍රීඩකයින්ට ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පිවිසීමට අවස්ථාවක් ලබාදීමට ද මෙම පියවර අරමුණු කර ගත් බව එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. මෙම තීරණයත් සමග ඔක්තෝබර් මස 01 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ඛාණ්ඩ ගත කිරීමේ අවස්ථාව ඔක්තෝබර් 09 වැනි දක්වා ද කල් දමා තිබේ.
 

More News..