brand logo

LPL ගහන්න හිටිය සුපිරි කීඩකයින් දෙදෙනකුට කෙරෝනා

20 November 2020

ලසිත් මාලිංග හා ⁣ක්‍රිස්⁣ ගේල් වෙනුවට වෙන දෙන්නෙක් තෝරා ගනී

තවත් දින 6කින් මෙරටදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට කොවිඩ් වසංගතය හේතුවෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදුව තිබේ. ඊට හේතුවී තිබෙන්නේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංහට සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක සොහේල් තන්වීර්ට කොවිඩ් ආසාදනයවීමයි. එම ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙක් යෙදවීමට මේ වන විට කණ්ඩායම් දෙකෙහි කළමණාකාරිත්වය තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ එම තරගාවලිය සදහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව පවසමින්. මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයා ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරවාලියට සහභාගි නොවන බවට දැනුම් දී ඇත. ඒ කායික ආබාධයකට ලක්වීම හේතුවෙනි. ක්‍රිස් ගේල් තෝරා තෝරා ගැනුනේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන්වීම ද විශේෂත්වයක්. ඒ අනුව මාලිංග සහ ගේල් වෙනුවට ද තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරා ගැනීමට කණ්ඩායම් දෙකටම සිදුව ඇත. තරග සංවිධාකයින් පවසන්නේ තරගාවලියට කුමන බාධාවක් පැමිණිය ද ලංකා ප්‍රිමියර් ලීග් පැවැත්වීමට උපරිම අයුරින් කටයුතු කරන බවයි.
 

More News..