brand logo

LOLC ඉන්ෂුවරන්ස් - දිවයින පුරා ව්‍යාප්තිය තවදුරටත්

22 May 2021

ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සමූහය වන cයටතේ මෙහෙයුම් සිදුකරන, වඩාත් වේගවත් වර්ධනයක් සහිත රක්ෂණ සමාගම් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ LOLC ලයිෆ් ඇෂුවරන්ස්, මෑතකදී සිය මෙහෙයුම් වැල්ලවාය, හිඟුරක්ගොඩ සහ හොරණ දක්වා විහිදුවනු ලැබීය. මෙය වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් වෙත ප්‍රවේශ වීම සහ උසස් පුද්ගලික මට්ටමේ සේවාවක් ලබා දීම සඳහා සමාගම් දෙක පසුගිය වසරේ ආරම්භ කළ ව්‍යාප්ති වැඩසටහනට අනුකූල පියවරකි. LOLC ජෙනරල් සහ LOLC ලයිෆ් නව ශාඛා වැල්ලවාය, තිස්ස පාරේ අංක 191, හිඟුරක්ගොඩ, ගුවන්තොටුපළ පාරේ අංක 8, සහ හොරණ, පානදුර පාරේ අංක 540, දරන ස්ථානවලදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. නවතම ව්‍යාප්ති වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි කිත්සිරි ගුණවර්ධන මහතා; “සීග්‍රයෙන් නැගී එන වැල්ලවාය, හිඟුරක්ගොඩ සහ හොරණ නගර කේන්ද්‍ර කොටගෙන වර්ධනය වෙමින් සේවය කිරීමට අවස්ථාවක් හිමිවීම පිළිබඳ අපි අතිශය සතුටට පත්වෙමු. මෙම ජන ප්‍රජාවන්ට උපරිම අන්දමින් සේවය සැලසීම අපගේ අපේක්ෂාවයි. නව ශාඛා පරිශ්‍රයන් ජනතාවට පහසු ස්ථානයන්හි පිහිටා ඇති අතර, මනා පළපුරුද්දක් සහිත රක්ෂණ වෘත්තිකයන් පිරිසක් ඒවායේ සේවයේ යොදවා තිබේ. LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ LOLC ලයිෆ් ඇෂුවරන්ස්, ජාත්‍යන්තර ව්‍යාප්තිය සහිත ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සමූහය වන LOLC සමූහයේ පූර්ණ හිමිකාරත්වය සහිත අනුබද්ධ සමාගම් වේ.
 

More News..