brand logo

Lockdown හෝ හුදෙකලා කිරීමක් කළොත් රට පවත්වා ගෙන යා යුතු ආකාරය

10 May 2021

අත්‍යාවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව, කාර්යක්ෂමව ජනතාවට ප්‍රාදේශීය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට විශේෂ රැස්වීමක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) අරලියහග මන්දිරයේදී පැවැත්විණි. ඒ අනුව එහිදී ගත් තීරණ පිළීබඳ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සම ලේකම් ඇන්ටන් පෙරේරා මහතා විසින් වාර්තාවක් නිකුත් කර තිබේ. හුදකලා හෝ ඇඳිරිනීතිය තත්ත්වක් හමුවේ රට පවත්වා ගෙන යා යුතු ආකාරය හා ඊට පෙර සූදානම් විය යුතු ආකාරය ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාවේ දැක්වේ. එම සැලසුම් සියල්ල ප්‍රාදේශීය මට්ටමින් සකස් කොට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත එවිය යුතු අතර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම සැලසුම් සකස් කර අවසන් බව මැයි මස 12 දාට පෙර ජනාධිපති කාර්‍ය සාධක බලකාය වෙත දැනුම් දිය යුතු බව එම නිවේදනයේ දැක්වේ.
 

More News..