Uncategorized

LG SmartThinq තාක්‍ෂණයෙන් ඔබේ නිවහනට ස්මාට් වෙනසක්

එදිනෙදා කාර්යබහුල දිවියක් ගත කරන සියලු දෙනාගේ ජීවිත පහසු කරවීමට LG විසින් අලුතෙන් හඳුන්වා දී ඇති SmartThinQ ඇප් එක සමත් වී ඇත. Wi-Fi තාක්‍ෂණය භාවිත කරමින් ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ඔස්සේ ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට නිවසේ ඇති LG නිෂ්පාදනය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරවීමේ හැකියාව මෙහිදී හිමි වෙයි. මෙම SmartThinQ ඇප් එක LG R32 ඩුවල් කූල් ඉන්වර්ටර් වායු සමීකරණ, සයිඩ් බයි සයිඩ් ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර සඳහා භාවිත කිරීමේ හැකියාව ඇත.

කලබලයෙන් නිවසෙන් පිට වීමට සිදු වීම නිසා LG වායු සමීකරණය ක්‍රියාවිරහිත කිරීමට ඔබට අමතක වූවා නම් නිවසෙන් පිටත සිටියත් SmartThinQ ඇප් එක නිසා එය ක්‍රියා විරහිත කිරීමේ හැකියාව ඇත. වායු සමීකරණයක් ක්‍රියාත්මක වී අදාළ කාමරය අවශ්‍ය උෂ්ණත්වයට ළඟා වීමට යම් කිසි කාලයක් ගත වේ. දැඩි උණුසුමෙන් පිරුණු දවසක ඔබ නිවසින් බැහැරව සිටින්නේ නම් ආපසු නිවසට පැමිණීමට පෙර වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කර තබා අවශ්‍ය සිසිල් කිරීම කාමරයට ලබා දීමේ හැකියාව මෙහිදී හිමි වේ. සෑම දිනකම ඔබගේ LG නිෂ්පාදනයෙන් කෙතරම් විදුලිය ප්‍රමාණයක් වැය වූවා දැයි සවිස්තර වාර්ථාවක් ලබා ගැනීමේ හැකියාව මෙහි ඇති අතර අනවශ්‍ය ලෙස විදුලිය වැයවීම වළක්වා ගැනීමටද එමඟින් හැකියාව ලැබේ.

ඔබ නිවසින් බැහැර වී සිටින මොහොතක කලින් දැනුම් දීමකින් තොරව නිවසට අමුත්තන් පැමිණෙන බව දන්වා සිටින්නේ නම් ඔවුන්ට සංග්‍රහ සත්කාර කිරීම SmartThinQ ඇප් එක නිසා දැන් වඩාත් පහසුයි. ඔබේ LG සයිඩ් බයි සයිඩ් ෆ්‍රීසරයේ එක්ස්ප්‍රස් ෆ්‍රීස් විශේෂාංගය ඇප් එක හරහා ක්‍රියාත්මක කරවා

ගනිමින් නිවසින් පිටත සිටින අතරේම වේගයෙන් අයිස් සාදා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම ශීතකරණයේ අවශ්‍ය උෂ්ණත්වය නිවසින් පිටස්තරව සිටම අවශ්‍ය අන්දමින් සකසා ගත හැකි නිසා කොයි මොහොතේ ආපසු නිවසට පැමිණියත් අසුරා ඇති ආහාරපාන නැවුම්ව සහ සෞඛ්‍යාරක්‍ෂිතව තබා ගැනීමේ හැකියාව ඇත. මේ සියලු පහසුකම් නිසා නිවසට පැමිණෙන අමුත්තන්ට සැහැල්ලුවෙන් අවශ්‍ය සංග්‍රහ සත්කාරයන් සිදු කිරීමේ හැකියාව ඔබට හිමි වේ. එමෙන්ම Hygiene Fresh විශේෂාංගය ක්‍රියාත්මක කරවමින් ඔබ නිවසේ නැති අතරේ පවා ආහාරපානවල සෞඛ්‍යාරක්‍ෂිත බව රැක ගත හැක.