brand logo

KDU විදෙස් සිසුන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලයි

04 January 2021

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ මාලදිවයින, භූතාන සිසුන්ට සහ අනෙකුත් විදේශීය සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා​ වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමටද කටයුතු කෙරේ. ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන්ගේ හිඟය විසඳීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය ප්‍රදානය කිරීමට 2009 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කරනු ලැබීය. වර්තමානයේ ප්‍රථම වසරේ සිට අවසාන වසර දක්වා ශිෂ්‍ය කණ්ඩායම් අටක් මෙහි අධ්‍යාපනය ලබයි. ඒ විදේශීය සිසුන් 206ක්ද ඇතුළු සිසුන් 1241ක් වශයෙනි. උදයජීව ඒකනායක
 

More News..