brand logo

IPL වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා

01 October 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම ලබන දෙසැම්බර් මස 19 වැනිදා සිදුකිරීමට නියමිතයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම බැංගලූර් හීදි පැවැත් වුනු IPL වෙන්දේසිය මෙවර කොල්කටා ප්‍රාන්තයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සංවිධායකයින් සදහන් කළේ මෙවර වෙන්දේසියේදී නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා මෙවර ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් දක්වා අවස්ථාව ලබාදී ඇති බව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සංවිධායකයින් සදහන් කරයි.
 

More News..