brand logo

IPL තවදුරටත් කල්යයි

13 March 2020

ඉන්දීය ක්‍රිකට් සැණකෙළිය හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීම තවදුරටත් කල්දැමීමට සිදුව තිබේ. ඉන්දීය ක්‍රිකට් ප්‍රිමියර් ලීග් සංවිධායකවරුන් සදහන් කළේ මාර්තු මස 29 වන දින තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එය අප්‍රේල් මස 15 වන දින තෙක් කල් දැමීමට සිදුව ඇති බවයි. කෝවිඩ් 19 (කොරෝනා) වෛරසය හේතුවෙන් ලොව අනෙකුත් රටවල් මෙන් ඉන්දියාව ද ඊට මුහුණ දී සිටීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට සිදුව තිබේ. කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 78දෙනෙකු වෛරසය ආසාදනයවීමෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..