brand logo

IPL අවසන් මහා තරගය අද

15 October 2021

චෙන්නායි - කොල්කටා සටන අද රාත්‍රී 7.30ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ ආරම්භවීමට නියමිතයි. ඒ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම සහ ඉයන් මෝර්ගන් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇති අතර, ඉන් වැඩි වාසියක් චෙන්නායි කණ්ඩායමට ඇති බවත්ය.

ඊට හේතු වී ඇත්තේ චෙන්නායි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතර පැවැති තරග 25කින් චෙන්නායි කණ්ඩායම තරගය 16ක්ම ජය ගැනීම වේ.

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ චෙන්නායි කණ්ඩායම තෙවරක් ශූරයන් බවට පත්ව ඇති අතර, කොල්කටා කණ්ඩායම දෙවරක් ශූරයන් බවට පත්ව ඇත. අද තරගයට ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කරන කණ්ඩායම් දෙක පිළිබදව තොරතුරු වාර්තා වන්නේ මේ ආකාරයෙනි. CSK playing 11 (probables): Ruturaj Gaikwad, Faf du Plessis, Robin Uthappa, Moeen Ali, Ambati Rayudu, MS Dhoni (c&wk), Ravindra Jadeja, Dwayne Bravo, Shardul Thakur, Deepak Chahar, Josh Hazlewood. KKR playing 11 (probables): Shubman Gill, Venkatesh Iyer, Nitish Rana, Rahul Tripathi, Eoin Morgan (c), Dinesh Karthik (wk), Shakib Al Hasan/Andre Russell, Sunil Narine, Lockie Ferguson, Shivam Mavi, Varun Chakravarthy.
 

More News..