brand logo

IPL ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයෙක්ට කොවිඩ්

08 May 2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් වූ නවසීලන්ත පිතිකරු ටිම් සිෆර්ට් (Tim Seifert) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටිම් සිෆර්ට් නැවත නවසීලන්තය බලා යෑමට පෙර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණය මගින් ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. නවසීලන්ත කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් සමග ටිම් සිෆර්ට්ට නවසීලන්තයට ආපසු යාමේ වරප්‍රසාදය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ වනවිට ඉන්දියාවේදී නිරෝධායනයට යොමුව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔහු නැවත PCR පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත ය. කෙසේවෙතත් නවසීලන්තයේදී ද ඔහුට දින 14 ක කාලයක් නිරෝධායනය වීමට සිදුවන බව වාර්තා වේ.
 

More News..