brand logo

IOC පිරවුම්හල් හිමියන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයක

05 February 2020

IOC පිරවුම්හල් හිමියන් පිරිස මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරතව සිටියි. ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අලෙවියට ඇති ඉන්ධන මිල ගණන් අතර පවතින අසමානකම් හේතුවෙන් තම පිරවුම්හල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීම දැඩි ලෙස පහළ ගොස් ඇති බව ලංකා IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් තම ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම සංගමය සදහන් කරයි. මේ පිළිබදව ලිපියක් මගින් භාරදීම සදහා ලංකා IOC පිරවුම්හල් හිමියන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණ තිබුණි. මේ අතර IOC පිරවුම්හල් හිමියන්ගේ විරෝධතාවය සහ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ.
 

More News..