brand logo

IMOTY සම්මානය හිමිකර ගත් XPulse 200 මෝටර් සයිකලය හීරෝ විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

11 January 2020

ලොව සුපතල යතුරුපැදි නිෂ්පාදකයෙකු වන හීරෝ මෝටොකෝප් විසින් හැඩකාර පෙනුම සමගින් නවීනත්වය මුසු වූ හීරෝ XPulse 200 මෝටර් සයිකලය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දී ඇත. මෙම සුවිශේෂී මාදිලිය සුපිරි විශේෂාංග 5 කින් සමන්විත වන අතර 190mm ක් දිග ඉදිරිපස සස්පෙන්ෂන් ට්‍රැවල්, LED හෙඩ් ලෑම්ප්, Sporty නිමාව, Icon-based turn-by-turn navigation සහ පියවර 10 ක අවශ්‍ය පරිදි සැකසිය හැකි Monoshock පසුපස සස්පෙන්ෂන් යනාදියෙන් යුක්ත වේ. හීරෝ XPulse 200 මෝටර් සයිකලය විසින් මෝටර් සයිකල් සඳහා පිදෙන ඔස්කාර් සම්මානය වශයෙන් හැඳින්වෙන IMOTY සම්මානය (වසරේ ඉන්දියානු මෝටර් සයිකලය) 2020 වසර සඳහා හිමිකර ගන්නා ලදී. අනෙකුත් තරඟකාරී නිෂ්පාදන රැසක් අභිබවා යමින් හීරෝ XPulse 200 මෝටර් සයිකලය මෙම කීර්තිමත් සම්මානය හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන ප්‍රදානයේ විනිශ්චය මණ්ඩලය සඳහා රථ වාහන ආශ්‍රිත ප්‍රමුඛතම ප්‍රකාශන ආයතනයන් වන Auto Today සහ Motoring World හි සාමාජිකයින් සහභාගී වූ අතර මිල ගණන්, ඉන්ධන කාර්යක්‍ෂමතාව, පෙනුම, සුව පහසුව, ආරක්‍ෂාව, ක්‍රියාකාරීත්වය, ප්‍රායෝගිකත්වය, තාක්‍ෂණික වැඩි දියුණු කිරීම්, ගෙවන මිලට ලැබෙන වටිනාකම සහ දේශීය මාර්ග පද්ධතියට ගැලපීම යනාදී කරුණු සැලකිල්ලට ගන්නා ලදී. අදාළ සම්මානය හීරෝ මොටෝකෝප් හි සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී පවන් මුන්ජාල් මහතා විසින් හිමිකර ගන්නා ලදී.
 

More News..