brand logo

IMF ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ පස්වන වාරියකයට අනුමැතිය හිමිවෙයි

14 May 2019

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ. එම මණ්ඩලය විසින් ඊයේ (13) දිනයේ දී අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164.1 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි. තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබීය. අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවනු ලැබීය. කෙසේවෙතත් පසුගිය ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් පසුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල කෙරුණි. එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වු අතර ඊයේ (13) දිනයේ රැස්වූ විධායක මණ්ඩලය ලබන වසරේ ජුනි 02 වන දින දක්වා එම කාලය දීර්ඝ කිරීමට එකගතාව පල කර තිබේ.
 

More News..