brand logo

Huawei ‘’Together 2020 Warm Action’’ වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට සහන රැසක්

05 May 2020

ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් පසුගියදා ’Together 2020 Warm Action’’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයන්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ට ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙම වසරේ මැයි 31 දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා සියලුම Huawei ස්මාර්ට් උපාංග සඳහා විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්, වගකීම් කාල සීමාවේ දීර්ඝ කිරීමක්, නොමිලයේ කුරියර් සේවාවක් මගින් දුරකථනයේ ගැටලු විසඳා ගැනීමේ හැකියාවත්, තෝරාගත් ස්මාර්ට් ජංගම උපාංගයන්හි අමතර කොටස් සඳහා 20% ක සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ හැකියාවත් ඇතුළුව විවිධ පහසුකම් රැසක් හිමි වනු ඇත. මෙම වැඩසටහනට පෙර Huawei විසින් සිය පරිශීලකයන්ගේ පහසුව පිණිස ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටලු සඳහා විසඳුම් සම්පාදනය කිරීම සහ එම ගැටලු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රමවේදයන් පිළිබඳ විස්තර ඇතුළත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දීම සිදු කරන ලදී. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති Huawei Support APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකථනයන්හි පැන නගින විවිධ ගැටලු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාව පරිශීලකයන්ට හිමි වේ. පවතින තත්ත්වය හමුවේ සිය පරිශීලකයන් මුහුණ දෙන ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ට උසස් සේවාවක් සැපයීමේ අරමුණ ඇතුව ආරම්භ කරන ලද මෙම නව වැඩසටහන තුළින් වගකීම් කාල සීමාව තුළ පැන නගින විවිධ ස්මාර්ට් දුරකථන ගැටලු නිරාකරණය සඳහා සේවා මධ්‍යස්ථානවලට යෑමට නොහැකි වීම තුළින් අපහසුතාවට පත් පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථනවල වගකීම් කාලය 2020 මාර්තු 17 මැයි 30ත් යන කාල සීමාව තුළ අවසන් වන්නේ නම් ඔවුන්ට දැන් මැයි 31 දක්වා එම සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත. මෙම වගකීම් කාල සීමාවේ දීර්ඝ කිරීම බොහෝ පරිශීලකයන්ට ඉතා සුබදායී ආරංචියක් වනු ඇති. මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ මෙම අසීරු කාල සීමාව තුළ සිය පරිශීලකයන්ගේ ජංගම දුරකථන ගැටලු නිරාකරණය කර ගැනීම උදෙසා පිළියමක් සපයමින් ඔවුන්ගේ පහසුව පිණිස පුළුල් විසඳුම් මාලාවක් ඇතුළුව මෙම වැඩසටහන දේශීයව ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳ හෙතෙම සතුටට පත් වන බවයි. තවද සිය පාරිභෝගිකයන්ගේ පහසුව පිණිස Huawei ආයතනය විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන හරහා සුමට සහ විශිෂ්ට ජංගම දුරකථන අත්දැකීමක් ළඟා කර ගැනීමට අවශ්‍ය සේවා අත්විඳින මෙන් සියලුම පරිශීලකයන්ට ආරාධනා කර සිටින ලෙසද හෙතෙම පවසා සිටී.
 

More News..