brand logo

HNB FINANCE කොළඹ දකුණ ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ තිරසර කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපනය කරයි

15 December 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ කළුබෝවිල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ තිරසර කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපනය කරන ලදී. මුළුමනින්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම තිරසර කොම්පෝස්ට් එකකය මගින් රෝහල තුළ එකතුවන දිරාපත්වන අපද්‍රව්‍ය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට හැකි වන අතර රෝහල තුළින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය විශාල ලෙස අවම කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම පරිසර දූෂණය අවම කිරීමටත්, දිරාපත්වන අපද්‍රව්‍යන්ගෙන් නිපදවෙන කොම්පෝස්ට් පොහොර මගින් රෝහල් පරිශ්‍රයේ සාරවත් පසක් නිර්මාණය කර ගැනීමට ද මෙම ක්‍රියාවලිය තුළින් අවකාශ සැලසේ. HNB FINANCEහි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “අවිධිමත් කසළ කළමනාකාරණය මේ වන විට මුළුමහත් සමාජයම වෙලා ගත් උවදුරක් තරමටම අපගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. එමෙන්ම පරිසරය මත ඇති කර තිබෙන බලපෑම ද අති විශාලයි. අවිධිමත්ව බැහැර කරන කසළ හේතුවෙන් ගංවතුර අවස්ථාවකදී මතුපිට ජලය දැඩිව දූෂණය වන අතර කුණු කසළ හේතුවෙන් ගංවතුර බැසයෑමට ඇති මාර්ග අවහිර වී දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු ගණනාවකට මුහුණ දීමටද අපට සිදු ව තිබෙනවා. මේ තත්ත්වය රෝහල් පරිශ්‍රයටද පොදූ වූ කරුණු හෙයින් මෙම තත්ත්වය සාර්ථකව පාලනය කර ගැනීම සඳහා වඩාත් තිරසර විසඳුමක් ලබාදීම සඳහා අප සමග සාකච්ඡා කර සිටියා. ඊට HNB FINANCE විසින් දැක්වූ ප්‍රතිචාරයක් ලෙස මෙම කොම්පෝස්ට් නිෂ්පාදන පද්ධතිය ස්ථාපනය කිරීමට අපට හැකිවුණා” යනුවෙන් පැවසීය.
 

More News..