brand logo

HNB Finance ආයතනික සමාජ මෙහෙවර අධ්‍යාපනික වැඩසටහන් සඳහා අනුග‍්‍රහය දක්වයි

08 December 2019

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance 2019 වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසු දරුදැරියන් සඳහා ගණිත විෂය පදනම් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථයන්ගෙන් සැදුම්ලත් සරසවි මිතුරෝ සංවිධානය සහ සස්නක පදනම විසින් සංවිධානය කරනු ලැබූ වැඩමුළුව සඳහා අනුග‍්‍රහය දක්වන ලදි. මෙම ගණිත වැඩමුළුව පසුගිය 27වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පැවැත්විණ. පාසල් වාර විභාගයන්හිදී ගණිත විෂය සඳහා ලකුණු 40ට අඩුවෙන් ලබා ගත් සිසුදරුදැරියන් මෙම ගණිත වැඩමුළුව සඳහා සහභාගි කරවා ගැනීමට සංවිධායකයන් විසින් පියවර ගන්නා ලදී. ගණිත විෂයට දුර්වලතාවක් දක්වන දරුදැරියන්ට වඩාත් ආකර්ෂණීය ලෙස ගණිතය සමීප කරවීම සහ ගණිත ගැටලු විසඳීම සඳහා පහසු ක‍්‍රම රැසක් මෙහිදී දරුදැරියන්ට ඉගැන්වීමට සස්නක පදනම කටයුතු කළ අතර මේ සඳහා පළපුරුදු ගුරුවරුන්ගේ සහාය ලබා ගත්හ. HNB Financeහි පුහුණු අංශ ප‍්‍රධානී අනුර උඩවත්ත මහතා මෙහිදී දරුවන් වෙනුවෙන් විශේෂ නායකත්ව සහ අභිප්‍රේරණ දේශනයක් පැවැත්වු අතර මෙම අවස්ථාව සඳහා HNB Financeහි අලෙවි අංශ ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා ද සහභාගී විය.
 

More News..