brand logo

HNB හපුතලේ පාරිභෝගික මධ්‍යස්ථානය නව නිවහනකට පිවිසෙයි

03 October 2020

ඉහළ යන පාරිභෝගික ඉල්ලුමට සරිලන සහ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය හපුතලේ පාරිභෝගික මධ්‍යස්ථානය අංක 14, බදුල්ල පාර, හපුතලේ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. හපුතලේ නගරය හා ඒ අවට සිටින ගනුදෙනුකාර භවතුන්ට බැංකු සේවාවන් පිළිබඳව නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙම නවීනතම පාරිභෝගික මධ්‍යස්ථානය සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ව්‍යාපාර සඳහා විවෘතව පවතී. ඉඩ පහසුකම් සපිරි නව පරිශ‍්‍රය සියලුම ආකාරයේ බැංකු පහසුකම්වලින් ද සමන්විත වෙයි.
 

More News..