Uncategorized

Healthy Life Clinic හැව්ලොක් සිටි නිවැසියන්ට සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

කොළඹ පිහිටා තිබෙන පිළිගත් වෛද්‍ය මධ්‍යස්ථානයක් වන Healthy Life Clinic  ආයතනය විසින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ සහ පූර්ව රෝග හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂිත සෞඛ්‍ය වැඩසටහනක් හැව්ලොක් සිටි වාසීන්ට පසුගියදා පවත්වන ලදී.
හැව්ලොක් සිටි නිවැසියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර ආහාර හා ජීවන රටාව, දියවැඩියා සඳහා ප‍්‍රතිකාර, රෝග විනිශ්චයේදී සහ ප‍්‍රතිකාර කිරීමේදී විශ්වාසවන්ත පවුල් වෛද්‍යවරයකුට කළ හැකි තීරණාත්මක කාර්යභාරය යනාදී වැදගත් කරුණු රැුසක් මෙහිදී සාකච්ඡුා කරන ලදී

Healthy Life Clinic හි අධ්‍යක්ෂිකා සහ ප‍්‍රධාන චිකිත්සක වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි මහත්මිය මේ පිලිබඳ අදහස් දක්වමින්,” අපගේ ඇඳුම් පැළඳුම් යාන වාහන වැනි දේ සඳහා අප බොහෝ මුදල් වියදම් කරනවා. නමුත් අපගේ සෞඛ්‍ය පිලිබඳ සැළකීමේදී අප ඒ සඳහා දක්වන්නේ ඉතාමත් අඩු සැළකිල්ලක්. නමුත් නිරන්තර පරීක්ෂාව, ජීවන රටාව සහ ආහාර පුරුදු විශ්ලේෂණය මගින් අපට ගුණාත්මක ජීවිතයකට අවශ්‍ය ප‍්‍රතිලාභ රාශියක් ලැබීමට හැකි වෙනවා.”

වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාව හේතුවෙන් මිනිසුන්ට තම සෞඛ්‍ය පිලිබඳ සිතීමට කාලයක් නොමැති බව පෙනී යනවා.කෙසේවුවත් ඔබගේ දෛනික ජීවන රටාවේ සුළු වෙනසක් සිදු කිරීමට ඔබට කාලය වෙන් කර ගැනීමට අපහසු වෙන්නේ නැහැ. එමෙන්ම එවැනි සුළු වෙනස්කමක් මගින් සමස්ත ජීවිතයටම ප‍්‍රතිලාභ අත්කර ගැනීමේ හැකියාව තිබෙනවා.අද වන විට දියවැඩියාව ,හෘද රෝග වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප‍්‍රවණතාව ඉහළ යමින් පවතිනවා.මෙම සෞඛ්‍ය කඳවුර හරහා අපගේ එක් ඉලක්කයක් වුයේ මේ පිලිබඳ ජනතාවට වටහා දීමයි. එමෙන්ම ආහාර රටාව ජීවිතයේ ඉතාමත් වැදගත් අංගයක් වන අතර පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා ඉහළ මිලක් වැය වන බව බොහෝ දෙනෙකු අතර තිබෙන සාවද්‍ය මතයක් .රසය සහ පෝෂ්‍යදායී බව රකිමින් ක‍්‍රමවත් ආහාර රටාවක් අනුගමනය කරන්නේ කෙසේ දැයි අප මෙහිදී පෙන්වා දුන්නා. එසේම නිරන්තරයෙන් පවුලේ සෞඛ්‍ය පිලිබඳ පරීක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී අවධාරණය කරනු ලැබුවා.”යැයි පැවසීය.

මෙම වැඩසටහනේ හැව්ලොක් සිටි නිවැසියන්ගේ තවත් සිත් ගත් අංගයක් වුයේ ”ඊට් රයිට්” (Eat Right) මගින් පැවැත් වූ ආහාර පාන පිසීමේ සජීවී වැඩමුළුවයි. සෞඛ්‍ය සම්පන්නව සහ පිරිසිදුව ආහාර පාන පිළියෙළ කර ගැනීම ඉතාමත් පහසුවෙන් කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.

තවද පළපුරුදු පෝෂණවේදීන්ගේ උපදේශන සහිත වැඩසටහනක් ද ක‍්‍රියාත්මක වූ අතර බර අඩු කිරීමේ වැඩසටහන් සායනයේ ලියාපංදිචි වීමේ අවස්ථාවද එහිදී ප‍්‍රදේශවාසීන්ට හිමි වීම විශේෂත්වයකි.

තවද අන්තරාසර්ග පද්ධතිය ආශ‍්‍රිත දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙන්ම පෙනහළු ක‍්‍රියාකාරිත්වය පිලිබඳ පරීක්ෂා කිරීමේ අවස්ථාව ද හැව්ලොක් සිටි නිවසියනට හිමි විය,
Healthy Life Clinic හි විශේෂ අවධානය යොමු කරන වැදගත්ම අංගයක් වන දියවැඩියා රෝගය සම්බන්ධ පූර්ණ දැනුවත් කිරීමක් මෙම සෞඛ්‍ය කඳවුරේදී සිදු කළ අතර නොමිලේ සීනි පරීක්ෂාවක් මෙන්ම පාද ස්නායු පරීක්ෂාවක් ද සිදු කරන ලදී.දියවැඩියා රෝගීන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද පාවහන් සහ දියවැඩියා රෝගීන්ට නිරන්තරයෙන් අවශ්‍ය වන ග්ලූකොමීටර්,BP යන්ත‍්‍ර,මෙන්ම සීනි රහිත නිෂ්පාදන සහ දියවැඩියා රෝගීන්ට අවශ්‍ය අතිරේඛයන් ද මිළදී ගැනීමේ අවස්ථාව එහිදී ලබා දී තිබුණිග
මෙම සෞඛ්‍ය කඳවුර සඳහා හෙල්ත්ගාර්ඞ් ඔසුසලේ දායකත්වය ද ලැබුණු අතර වෛද්‍ය විද්‍යාත්මකව අනුමත කරන ලද විටමින්, පෝෂ්‍ය පදාර්ථ සහ දියවැඩියා රෝගීන් සඳහාම නිපදවන ලද උසස් තත්ත්වයේ සීනි රහිත කිරිපිටි යනාදිය ඉදිරිපත් කර තිබිණි. තවද Healthy Life Clinics හි නිළ ඇස් කණ්නාඩි හවුල්කරු වන Six by Six Optics ආයතනය ද මේ සඳහා සහභාගී වූ අතර උසස්ම තත්ත්වයේ ආකර්ෂණීය ඇස් කණ්නාඩි රාමු, නොමිලේ වවුචර්පත් ලබා ගැනීමේ අවස්ථාව හැව්ලොක් සිටි පදිංචිකරුවන්ට ලැබිණි.
කොළඹ නගරයේ හදවත බඳු ස්ථානයක පිහිටා ඇති Healthy Life Clinic පශ්චාද් දියවැඩියා ප‍්‍රතිකාර සඳහා විශේඥභාවයක් දක්වන වෛද්‍ය මධ්‍යස්ථානයකි. එමෙන්ම පවුල් සෞඛ්‍ය, ආයතනික සුවතාව,සහ වැඩිහිටි සත්කාර සේවා යනාදී පුළුල් පරාසයක සෞඛ්‍ය විසඳුම් Healthy Life Clinic ලබා දෙයි. වැඩි විස්තර සඳහා දුරකථන: 0114700700; 0773511511