brand logo
logo

“Harvest 2018” ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

11 December 2018

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. අද සිට 16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප‍්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප‍්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදි අංශ ගණනාවකින් මෙය සමන්විත වේ. දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප‍්‍රදර්ශනයට එක්ව සිටින අතර, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක‍්‍රම ශ‍්‍රී ලංකා ගොවි ජනතාවට හඳුන්වා දීමත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලූමක් ඇති කිරීමත් මෙම ප‍්‍රදර්ශනයේ අරමුණයි.
 

More News..