brand logo

H.S.B.C. බැංකුව කළු සල්ලි හුවමාරු කරලා

27 September 2020

අවිනීතව මුදල් උපයන ලෝකයේ ධනකුවේරයන්ගේ මුදල් එච්.එස්.බී.සී. බැංකුව මගින් දැනුම්වත්ව ලොව පුරා හුවමාරු කර ඇතැයි ඇමරිකානු මූල්‍ය අපරාධ විෂය මගින් පවත්වාගෙන යන ලිපි ගොනු මගින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ බැංකුවක් එක්සත් ජනපදයේ පිහිටි තම ව්‍යාපර මගින් මේ ආකාරයට හොංකොංහි එච්.එස්.බී.සී. බැංකුවේ ගිණුම්වලට මුදල් යවා ඇත. හෙළි වී ඇති තොරතුරු අනුව බැංකුව මෙසේ මුදල් හුවමාරු කර ඇත්තේ බැංකුවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදයේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඩොලර් මිලියන 1.9ක දඩයක් පැනවීමෙන් පසුව වීම විශේෂත්වයකි. බැංකුව අලුත් සාමාජිකයන්ගෙන් එකතුකර ගන්නා මුදල්වලින් ජාවාරම්කාර කොටස්කරුවන්ට ගෙවීම් කර ඇත. මෙකී ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වේ. ඔස්ෆීඩ් නමැති වෙබ් අඩවියට මුලින්ම අනාවරණය වූ මෙම තොරතුරු ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය මගින් බෙදා හැර ඇත. ඉන්දියාවේ බැංකු 44ක්ද කළුසල්ලි සුද්ද කිරීම සඳහා සම්බන්ධ වී තිබේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම, අවිආයුධ ජාවාරම, ත්‍රස්තවාදී කටයුතු ආදියට සම්බන්ධ සල්ලි මෙසේ මෙම බැංකු මගින් සංසරණයකර ඇතැයි ‘‘ඉන්දියන් එක්ප්‍රස්’’ ඇතුළු මාධ්‍ය සඳහන් කරයි. මේ අතර රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකුද වන බව‘‘ඉන්දියන් එක්ස්ප්‍රස්’’ සඳහන් කරයි. පන්ජාබ් ජාතික බැංකුව, ඉන්දියාවේ රාජ්‍ය බැංකුව, මැරෝඩා බැංකුව, ඉන්දියාවේ යූනියන් බැංකුව, කැතරා බැංකුව ඒ අතරින් ප්‍රධාන වෙයි. දැනට හෙළි වී ඇති තොරතුරු අනුව ඉන්දියානු බැංකු ඩොලර් බිලියනයක කළු සල්ලි හුවමාරු කර තිබේ. වරුණි අබේසේකර
 

More News..