brand logo

GSP+ බදු සහනය 2023 දක්වා - යුරෝපා සංගමය

19 January 2020

ජී එස් පී ප්ලස් (GSP+) බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබාදෙන බවට යුරෝපා සංගමය විසින් ප්‍රකාශ කර තිබේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළ බවයි. යුරෝපා සංගම් නියෝජිතයන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේ දි එම මෙහෙයුමේ පෙන්වා දුන්නේ GSP+ බදු සහනය වැඩි වශයෙන් හිමි වන්නේ මෙරට ඇගළුම් ක්ෂේත්‍රයට බවයි. ඇගළුම් අපනයනයෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගම් රටවලට බව ද ඔහු මෙහි දි පෙන්වා දුන්නේය.
 

More News..