Uncategorized

Google’s Business Messages සමග ඒකාබද්ධ වූ මෙරට පළමු ජංගම දුරකථන සන්නිවේදකයා බවට එයාර්ටෙල් පත්වෙයි

ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමග සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත.

මෙම සේවාව හා එක් වීමත් සමගින් එයාර්ටෙල් සහාය හෝ තොරතුරක් සොයන ඕනෑම කෙනෙකුට Google Maps සහ Google Search වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ඇති අතර මෙම නව විශේෂාංගය මගින් ඒ සඳහා message button පහසුකමක් සලසා දී ඇත. එමෙන්ම පාරිභෝගිකයෙකුට යම් අංකයක්, තොරතුරක් සෙවීම සඳහා සබඳතා මධ්‍යස්ථානයකට ඇමැතීමට ගත වන කාලය මෙම විශේෂාංගය මගින් ඉවත් කරන අතර එමගින් පාරිභෝගික අත්දැකීම සමස්තයක් ලෙස වැඩිදියුණු කර ඇත.