brand logo

Glowing Secret සමග රොසෑන්ගෙන් අලුත් වැඩක්

03 August 2020

රොසෑන් කාලෙකට පස්සේ අලුත් වැඩක් පටන් ගත්තා කියලා ආරංචියි ඔව් beauty කියන ටොපික් එකට මම බොහොමත් කැමතියි. ඒ වගේම මම කාලයක් ග්ලෝ කියන ලෝ ප්‍රකට සම සඳහාම වූ අභ්‍යන්තර පෝෂණ අතිරේඛයේ Brand Ambassador වෙලත් හිටියා. ඒ නිසාම ග්ලෝ සමග එකතු වෙලා ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රයන් හී සිටින ජනප්‍රිය, ඉහළ තලයේ වැජඹෙන චරිත සමග ඔවුනගේ ජීවිතයේ නැත්නම් දියුණුවේ අප නොදන්න රහස් අනාවරණය කර ගැනීම තමයි මේ වැඩසටහනේදි වෙන්නේ. Beauty කියන එකට වයසක්, ස්ත්‍රී පුරුෂ භාවයක්, තරාතිරම් මේ මුකුත් නෑ. අපි හැමදෙනාම අපිට ආවේනික ලෙස Beauty කියන එකට ආදරෙයි. මේ පණිවිඩය පතුරවා හැරීම තමයි මේ Programme එකේ අරමුණ, උත්සහය. රොසෑන් ඇයි ඔබ මේ සඳහා ග්ලෝම තෝරා ගත්තේ ? මම අවු 15ක තිස්සේ ඉඳලා ග්ලෝ දන්නවා. ඒ කියන්නේ ග්ලෝ ලංකාවට හඳුන්වා දුන් කාලේ ඉදලම. ග්ලෝ ශ්‍රී ලංකාව තුල වගේම බොහෝ රටවල් ගණනාවක ජනප්‍රිය හා විශ්වාසනීය නිෂ්පාදනයක්. ඒ වගේම ග්ලෝ සමග හැමදාම ලොව පුරා අත්වැල් බැඳ ගත්තේ අති ජනප්‍රිය චරිත. ග්ලෝ ඔවුන්ගේ Beauty Partner වෙලා. ඒ වගේම ග්ලෝ ශ්‍රී ලංකාවට තිළිණ කරන මෙගා ලයිෆ් සයන්සස් සමාගම සමග වැඩ කරන එකත් පහසුයි. ඔවුන් වෘතීමය තත්වයෙන් ඉහළයි. කොහොමද මේ Programme එක සිදුවෙන්නේ ? ඔව්, මේ Programme එක present කරන්නේ මම. මේ Programme එක Mega we care Glow FB Page එකෙනුත්, Glow Sri Lanka Youtube එකෙනුත්, Glow Sri Lanka Instagram එකෙනුත්, ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. විනාඩි 10ක් වැනි කාලයක් වන මේ වැඩසටහනේදී, ඔබේ ජීවිතය දිනන්න, සුන්දර කරගන්න වටිනා අදහස් බොහෝමයක්ම ඔබට ලැබේවි. මෙම වැඩසටහන නරඹන ඔබගේ අදහස්, ප්‍රතිචාරත් දැනගන්න මම දැඩි කැමැත්තෙන් ඉන්නවා.
 

More News..